BOTANICAL NAME – Abutilon indicum Sweet
FAMILY – Indian Mallow
පොදු සිංහල නාමය – අනෝදා (බෙහෙත්)
සංස්කෘත නාමය – බලා
අනෝදා බලා පවුලට අයත් ක්ෂූපයෙකි. එය මෙහි ස්වතන්ත්‍ර වර්ණනයට පත්වූයේ “Sida” පවුලට නොගැනුණ හෙයිනි. බැවිල මුල මෙන් අනෝදා මුල නිතර කෂායට නොගැනේ. අනෝදා කොළ මෙන් බැබිල කොළ ගෙඩි වණ වෙදකමට ගන්නා බවක් පළව නැත. අනෝදා ගෙඩියේ කොකිස් අච්චුව බැබිල වල නැත. මෙබදු වෙනස්කම් අනුව අතිබලා අනෝදා නොවන බවත්, වල් බෙලි ගසෙහි අතිබලා ලක්ෂණය ඇති බවත් සමහරු කියති. වල් බෙලි (වන බිල්ව) ගස ලංකා, ඉන්දියා දෙරටේ ම කැලෑවල වැවී ඇත. අප පට්ටා ගන්නා වල් බෙලි ගස “මල් බෙලි” (මව්ෂ්ටන) විය යුතුය. බෙලි ගසක ලකුණු එහි නැත. එය බැබිල වර්ගයක් ලෙස බෙහෙතට ගැනීමේ වහරක් ද නැත.
ඉන්දියාවේ හා ලංකාවේ අධික ශීත නොවන සියලුම ප්‍රදේශ වල මෙම පැළෑටිය වැඩේ. ක්ෂුප(පැළෑටි) විශේෂයක් වන මෙම ශාකයේ කොළ කුඩාවට සහ ලොකුවට පිහිටීම අනුව සිදුවී බෙදීමක් ඇත. සරුවට වැඩෙන පැළෑටියක කොළ ලොකුයි. නිසරු පැළවල කොළ කුඩායි. එබැවින් දෙවර්ගයේම ගුණය අතින් විශේෂයක් ඇතිවිය නොහැකිය. මෙම පැළෑටියේ පත්‍රවල යට පැත්ත බූව සහිත වන අතර, දැති පත්‍රවල මතුපිට අඳුරු කොළ පාටක් ඇත. එලය සංයුක්තයි. (වියළුණ විට) රසායනික උපදාන ලෙස ක්ෂාර පදාර්ථ, ටැනින්, මැග්නි,(Asparagin) යන පදාර්ථ ඇත.
යෝග
ශීත කෂාය, තෛල, ප්‍රලේපාදී වශයෙන් තනිවද මිශ්‍රිතව ද යෙදේ.
කෂාය
උදා:-
- අනෝදා කොළ, රතුළූණු, සූදුරු, ක්වාථය, රක්තාර්ශස්, මුලවෘද්ධි අවස්ථාවල යෙදේ.
- අනෝදා මුල් කෂාය: රක්තප්‍රදර, රක්තපීනස, අවස්ථාවල යෙදේ. අනෝදා කොළ, කැකුළු හාල්, අමුකහ අඹරා පොල් කිරෙන් උයා ප්‍රලේපය පැසවූ ගෙඩි වල සැරව ඉවත් කිරීම හා වණ ශෝධනය පිණිස යෙදේ.
එළකිරි යෙදීම සුදුසු වන්නේ පැසවූ කොස්ස සහිත අවස්ථාවටයි. මෙම ප්‍රලේප අළුත් කුෂ්ඨයේ යෙදීමට පෙර තල තෙලින් තම්බා ගත යුතුය.
දාහ සමන, පිත් සමන, ව්‍රණ ශෝදන, ව්‍රණ රෝපණ ගුණ අනෝදා පත්‍ර වල පවතී. එබැවින් අනෝදා පැළෑටියේ ප්‍රධාන ව්‍යවහාරික අංගය පත්‍ර වන අතර, පොතු, මුල්, මල්, ගෙඩි හා බීජ ආදිය ද ඇතැම් අවස්ථාවල භාවිතයට ගැනේ. බහුලව භාවිතයට ගනු ලබන්නේ අමු අවස්ථාවයි.
අනෝදා සහමුල තම්බා එළඟිතෙල් දමා බීමෙන් අභ්‍යන්තර අන්ත්‍ර ගත තුවාල හා අර්ශස් වලදී සුවයක් ලබාගත හැකි බව දැක්වේ. අර්ශස් වලදී මෙන්ම ගුදමඟ පහත් වීමේදී ද අනෝදා කොළ තම්බා, ස්ථානිකව එළඟිතෙල් හා අවගාහනය කිරීමත්, තැවීමෙන් සහනයක් ලබා දේ.
ව්‍රණ ශෝධනය ට බෙහෙත් ජලයක් සාදා ගැනීම
අනෝදා කොළ පලමක් ගෙන වතුර පත 4-2 ට සිඳුවා පෙරා සීනක්කාරං මංචාඩි 10ක් දිය කර ගත් ජලය
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි.
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



