ඉකිලි
ග්‍රහණි රෝගයේදී වියැලුනු ඉකිලිය ගෙඩිවල පිෂ්ඨමය ඵල මජ්ජාව ගෙන එයින් කෑම සාදා ගනු ලැබේ. ශුක්‍ර දෞර්බල්‍ය හා ගර්හාවස්ථාවේදී බීජ වුර්ණය සුදුසු අනුපානයක් ලෙස යොදනු ලැබේ. මුත්‍ර කෘච්ඡය සඳහා ඉකිලිය කෂාය කර යොදයි. ගර්භ ශ්‍රාවයේදී ඉකිලිය තවත් ද්‍රව්‍ය සමග කිරි කෂාය කර යොදනු ලැබේ.

