උඳු

BOTANICAL NAME – Vigna mungo (L.) Hepper

FAMILY – LEGUMINOSAE

ENGLISH NAME – Black gram

උඳු මුංවලට සමානව වැඩෙන පැලෑටියකි. සෙ. මී. 30 – 60 අතර උසින් යුක්ත මෙම පැලෑටියේ පත්‍ර මුං පත්‍රවල ආකාරයට එක් නටුවක පත්‍ර 3 බැගින් පිහිටයි. කඳ පුරාම බුව පවති. මල කහ පාටයි. උඳු කරල සෙ.මී. 5 ක් පමණ දිගය. කරල වටාම බුව පවතී.

පැරණි වෛද්‍ය ග්‍රන්ථවල දක්වා ඇති ආකාරයට ප්‍රභේද 2 කි.

  1. මාෂ
  2. රාජ මාෂ (ලොකු වර්ගයකි)

රාජ මාෂ මල් වල වර්ණයට අනුව ප්‍රභේද 3 කි.

  1. ශ්වෙත
  2. රක්ත
  3. කෘෂ්ණ

ලංකාවේ කලුපාට හා තරමක් කොළ පාටට හුරු උඳු වර්ගයක් දක්නට ලැබේ.

උඳු ආහාරයක් වශයෙන් මෙන්ම ඖෂධයක් වශයෙන් ඉතා ඈත අතීතයේ සිටම මේ දක්වා භාවිත වේ. වරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව ආදී සංහිතා ග්‍රන්ථ වල උදු පිළිබඳව විශේෂයෙන් සඳහන් වී ඇත.

වැවෙන ප්‍රදේශ – ඉන්දියාව, ලංකාව

ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශ වල වවනු ලැබේ. විශේෂයෙන් පහතරට වියළි කලාපය උඳු වගාව සඳහා වඩා සුදුසුය.

ගුණ

මාෂ ගුණ

රස – මධුර

ගුණ – ගුරු, ස්නිග්ධ

වීර්යය – උෂ්ණයි

විපාක – මධුරයි

දෝෂ වශයෙන් වා ශමනයි. සෙම් පිත් වඩයි. බාහිර වශයෙන් වේදනා නායකයි. නාඩි ශාමකයි. අභ්‍යන්තර වශයෙන් නාඩි ශක්තිමත් කරයි. ආහාර රුචිය ඇති කරයි. සංග්‍රහයි. ශුල නසයි. පුරිෂ, මුත්‍ර, ස්තන්‍ය. ශුක්‍ර යන මේවා වඩයි. වෘහණයි. ගුදකිල, අර්දිත, ස්වාස නසයි. විශේෂයෙන් වාත සමන නිසා වාත රෝග වලට ගුණයි. uomo Colasid 03.

පුරාතන අජිර්ණ වලට මෙන්ම ආමාශ ක්ෂත වලටද උඳු කෂාය ගුණය. අභ්‍යන්තර වශයෙන් උඳු රක්තාතිසාර, පිත්ත නාලිකා ප්‍රදාහ, පක්ෂාඝාත, අර්ශස්, ආමවාත, යකෘත්, රෝග නාඩි වෛධානික රෝග වලට ගුණ සඳයි. වාත රෝග වලට පැලැස්තර වශයෙන් දැමිය හැක. වාහාදි මෝදකය. ශුක්‍ර දුර්වලතාව. වත ප්‍රදර වලට හොඳය.

උඳු පිළිබඳ වරක සංහිතාවේ දැක්වෙන කරුණු

රාජ මාෂ

මධුර හා කෂාය රසයෙන් යුක්තය. රුක්ෂ, විෂද හා ගුරු ගුණයෙන් යුක්තය. සාරකයි. රෝකයි. කළු. ශුක්‍ර හා අම්ල පිත්ත කාරකයි. වායු ජනකයි.

මාෂ

මධුර රස, ස්නිග්ධ, ගුණ, උෂ්ණ, වියයි, ගුරු පාක යන මේවායින් යුක්තය. වෘෂයි. අතිශයින් වායු නසයි, බල කාරකයි. බෙහෙවින් මල උපදවයි. ශීඝ්‍රව පුරුෂත්වය ගෙන දෙන බව දක්වයි.

උදු වරක සංහිතාවේ වාජීකරණ ඖෂධ සහ වෘෂ්‍ය යෝග වල විශේෂයෙන් සඳහන් ය.

වාජිකරණ සෘතය, වාජිකරණ පිණ්ඩ රස, වෘෂ්‍ය රස, වෘෂ්‍ය ක්ෂිරය, වෘශ්‍ය මාභීෂ රස, වෘෂ්‍ය මාෂාදි පුපලිකා

උඳුවල ප්‍රධාන ගුණ

පුරිෂ ජනන, වෘත ගමන හා වාජීකරණ ගුණ ප්‍රධානය.

සංරක්ෂණ විධි

අස්වැන්න නෙලීම, බීජ වෙන් කිරීම හා ගබඩා කිරීම

උඳු අස්වැන්න නෙලීමේදී, කරල් මෙරීමෙන් පසු සම්පූර්ණ ගස පිටින්ම ගලවනු ලැබේ. හොඳින් හොඳින් අව්වේ වේලා ගෙන පසුව ලියකින් කැලීම, සරකුන් ලවා පැගීම හෝ යන්ත්‍රානුසාරයෙන් ඇට වෙන්කර ගත හැක

බීජ වියළා තලතෙල් හෝ රට කජු තෙල් ස්වල්පයක් හොඳින් තැවරෙන අයුරු මිශ්‍රකර සුරක්ෂිතව ගබඩා කිරීමෙන් සැලකිය යුතු කාලයක් කෘමි හානි වලින් තොරව තබා ගත හැකිය. එසේම වියළි ඇති දැව අළු හෝ පැගිරි කොළ සමග මිශ්‍රකර වසා කැබීමෙන්ද කෘමි හානියෙන් වළක්වා ගත හැක. දිගු කලක් ගබඩා කරන විට වරින්වර අව්වේ දමා වියළා ගැනීම අවශ්‍යය.

මාත්‍රාව

චූර්ණය – කෝලා 1/2 – 1 දක්වා

යුෂ – අවු 1/4 – 2 දක්වා

යෝග සංග්‍රහ

  1. මාෂාදි මෝදක
  2. මහාමාෂ තෛලය
  3. මාෂ තෛලය

යෝග හා සංස්කරණ

  1. උඳු වලින් සාදාගත් පත්තුව

වාත වේදනා වලට.

  1. උදු වර්ණය

අති ස්වේදය (අධිකව දහඩිය දැම්ම) සඳහා ඇඟෙහි ගෑමෙන් ගුණ ලැබේ.

  1. උදු තම්බා ගත් යුෂ පානය

වස්ති ගෝථ හා මුත්‍ර කෘච්ඡු වලට පානය සඳහා.

  1. උදු තම්බාගත් යුෂ පානය

ශරීරයේ දුර්වලතාවය හා කෘෂතාවයට ගුණ දායකය.

සංස්කරණ යෝග

මාෂබලාදි ක්වාථය

උඳු
පැඟිරිමාන් මුල්
බැබිල මුල්
වඳුරු මෑ ඇට
බෙත් එරඬු මුල්
අරත්ත අල
අමුක්කරා අල

කෂායට අනුපාන වශයෙන් පෙරුම්කායම් සහ සහිඳ ලුනු සමග පක්ෂාඝාත, මන්‍යා -ස්ථම්හ, කරණ නාද, රුජා, අර්දිත වැනි වාත රෝග සඳහා යොදනු ලැබේ.

උඳු වල ආහාරමය වටිනාකම

උඳු ග්‍රැම් 100 ක

කාබොහයිඩ්රේට – ග්‍රෑම් 57.3
ප්‍රෝටීන – ග්‍රෑම් 22.0
මේද – ග්‍රෑම් 0.5
විටමින් ඒ – අ. ජ. ඒ. 1.1
විටමින් බී – මි. ග්‍රෑම් 1.5

උදු අඩංගු ආහාර

තෝසේ, උළුඳු වඩේ, උඳුවැල්, පපඩම්.

විශේෂ

උඳු කොළ කවා පෝෂණය කළා වූ ද රතුවන් හෝ කළුවන් වූද, සමාන වර්ණ ඇති, ජිවත්ව සිටින, එකම වස්සකු ඇත්තාවූද උක් කොළ හෝ කුඩුපත් බුදින්නා වූද එළදෙනකගේ කිරි, සීනි, මී පැණි, ගිතෙල් මිශ්‍රව පානය කීමෙන් උත්තම වෘෂ්‍ය ගුණ ඇති බව චරක සංහිතාවේ වෘෂ්‍ය කේවල ක්ෂීර ප්‍රයෝග දක්වයි.

ප්‍රතිනිධි
නැත

ආශ්‍රිත ග්‍රන්ථ

වරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si

Scroll to Top