ඉඳි (රට ඉඳි)

BOTANICAL NAME – Phoenix zeylanica Trim.

FAMILY – PALMAE

ENGLISH NAME – Wild date palm

පොදු සිංහල නම – ඉඳි, රට ඉඳි

සංස්කෘත නම – ඛර්ජුරි, ඛර්ජුරිකා

හින්දි – ඛාජුර්, සෙද්ධි

දෙමළෙන් – ඉචම්නාර්

තෙලිඟු – ඉෂාම්, වෙඩි

බෙංගාල – නෙජූර්

පර්යාය

කාර්‍යන, ක්ෂුද්‍ර බර්ජුර, ලංකා ඉඳි, පිණ්ඩ ඛර්ජුර, පිණ්ඩ බෙජුර්, බර්ජුර, බජුර

ප්‍රභේද 4 කි.

  1. රාජ බර්ජුරි
  2. දීප්‍යා (පිණ්ඩ) බර්ජුරි
  3. මධු ඛර්ජුරි
  4. භූමි ඛර්ජුරි

ලංකාවේ වැවෙන ඉඳිගස භූමි ඛර්ජුරි ප්‍රභේදයට අයත්ය.

ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ දෙවන කොටසට අනුව මෙහි ප්‍රභේද 5 කි.

  1. පිණ්ඩ ඛර්ජුර (යොන් ඉඳි)
  2. බර්ජුර (රට ඉඳි
  3. ක්ෂුද්‍ර බර්ජුර (ඉඳි)
  4. භූමි ඛර්ජුරිකා, භූමිඛර්ජුරි

අංක 1 – 2 නියම අරාබි රට ඉඳි ය. (Arabian Date Palm) පිණ්ඩ බර්ජුර උතුරු අප්‍රිකාව, ඊජිප්තුව, සිරියං අරාබි දේශයන්හි ද, සින්ද් පංජාබ් දේශයන්හි ද වැවේ.

ලංකා ඉඳි

ඉඳි ලංකාවට දේශීය වූ ශාකයකි. පහතරට තෙත් ප්‍රදේශ වල එය සුලභව දක්නට ලැබේ. දකුණු මුහුදු බඩ ප්‍රදේශ වල ද ඉතා බහුල ලෙස වැවේ. ලංකාවේ උතුරු පළාතේ ඉඳි විශේෂයෙන් දක්නට ලැබේ. මෙය පිනික්ස් පුසිල්ලා (Phoenix Pusilla) නම් වේ. මේ ඉඳි විශේෂය ඉන්දියාවේ දකුණු ප්‍රදේශයෙහිත් දක්නට ලැබේ. භූමි බර්ජුර නම් අඩි 1/2 – 1 දක්වා උසට වැඩෙන, බිහාරයේ අධික වශයෙන් දක්නට ලැබෙන ගසකි. ඉන්දියාවේ පිනික්ස් විශේෂ හතක් ඇත.

පීනික්ස් විශේෂයෙන් නිවර්තන ප්‍රදේශවල දක්නට ලැබේ. ලංකාවේ වැඩෙන වල් ඉඳි වර්ගයේ පුවක් වටය බඳු වටයක් නැත.

කුඩා ගෙඩි ඇති මස් හිඟ රට ඉඳි බජුර (ක්ෂුද්‍ර බජුර) නමින් ද, තද මසින් යුත් වටකුරු ලොකු ගෙඩි ඇති වර්ගය පිණ්ඩ බර්ජුර නමින් නමින් ද ගැනේ. සුලේමානි නමින් හැඳින්වෙනුයේ බුරුල් මස ඇති ජුපිණ්ඩ බර්ජුරයි. ගව දෙනකගේ තනපුඩු (ගොසතන) මෙන් මෙන් දිගැටි වූ ගෙඩි ඇති වියළි පිණ්ඩ බරජුරියම් ජුහාරා (ජෝහැවා) නාමය දිනා ගෙන ඇත. මේ ඉඳි ඉඳි වර්ගය බාගෙට ඉදුනු විට කඩා වියළා ගන්නා බවක් ද සමහරු කියති. සාමාන්‍යයෙන් සියලුම රට ඉඳි වර්ග සමාන ගුණයක් පෙන්නුම් කොට ලන නමුත්, බජ්ජුරය අනිත් දෙවගයට වඩ ගුණය අතින් පහත්ය. එහෙයින් ද එයට ස්වල්ප (ක්ෂුද්‍ර) බර්ජුර නාමය හිමි වී ඇත.

සාමාන්‍යයෙන් තල් ගසක හෝ පොල් ගසක හැඩරුවකටම නෑකම් දක්වන රට ඉදි ගස තල් ගසක් හෝ පොල් ගසක් පමණින් උස්ව නොවැඩේ. වැඩෙනුයේ අඩි 30 – 40 තරම් උසකිනි. අරාබිකරයේ වැවෙනුයේ සාමාන්‍ය ඛර්ජුරය. (Phoenix sylvestiris)

ඉඳි අඩි 6 සිට 15 දක්වා උසට වැඩෙන තාල වර්ගයේ ගසකි. දිග පක්ෂමත් කොළවල පටු පක්ෂත බොහෝ තිබේ. මේ පක්ෂවල අග ඉතා තියුණු ය. ඇතැම් කොළවල මුල් කොටසේ තිබෙන පක්ෂත ඌන වී පටු බවට පරිවර්තනය වී ඇත. ඉඳි ගස් ද්විලිංගික වේ. පුමංගි ගස් හා ජායාංගී ගස් වෙන වෙන ම තිබේ. පහළට නැම් තිබෙන ශුකි නමින් හැඳින්වෙන අඩියක් පමණ දිග පුෂ්ප මංජරි වල කහපාට මල් ඇත. ඵල පොකුරට සැදේ. අමුවෙන් කොළ පැහැතිය. ඵලය අඟල් 1/2 ක් පමණ දිග ය.

ඉදීගෙන එන විට රතු පැහැතිය. ඉදුණු ඵලය තද දම්පැහැතිය. ඇටය ඵලයට ස්වල්පයක් කුඩාය.

ඉඳිගස් පාමේ (Palmae) කුලයට අයත්ය. (නාරිකේල කුලයට)

ව්‍යවහාර අංග

දේශීය (ලංකා) ඉඳිවල බොඩ (බඩ) මුල්, ගොබ, ඔසු පිණිස යෙදේ.

රට ඉඳිවල ගෙඩි ඇට හා ගොබ යෙදේ.

ඉදුනු ඉඳි ගෙඩිවල රසවත්, මොළොක් කොටස කෑමට සුදුසු ය.

රසායනික උපාදාන

රට ඉඳිවල ඛනිජ ලවණ, ලෞහ’ ටැනින් හා පිච්ඡිල ද්‍රව්‍ය අන්තර්ගතය. සන්ධාන කාර්යයෙහි ප්‍රශස්ත ය.

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශයන්හි රා පිණිස ඉඳිගස් මදිනු ලැබේ. ඉඳිගස් මදිනු ලබන්නේ කඳෙහි කැපුම් යෙදීමෙනි. රට ඉඳි ගස්වල වටයෙන් ලබාගන්නා මෙම මී රා (තෙලිජ්ජ) ශීත වීර්යයෙන් ද, බල්‍ය, වෘෂ්‍ය, මූත්‍රල, සාරක යන නම් වලින් ද යුක්තය. මෙයින් පිළියෙල කළ සුරාව දීපනද, පාචන ද උත්තේජක ද වෙයි.

ඉඳි සීනි. ඉඳි ගුඪ දෙවගයට පෞෂ්ටික, සාරක යන කර්ම දෙකින් යුක්ත ය. ඉඳිලාටු අතීසාරයෙහි මෙන්ම මූත්‍ර විකාර වල ද යොදනු ලැබේ. ඉඳි මදුලෙහි ඒ. බී. සී. විටමින් හා ප්‍රශීතා ද (Scurvy) නාශක විටමින් ද ඇත.

ඉඳි බොඩය බල්‍ය, හෘද්‍ය, වෘෂ්‍ය, මුත්‍රල යන කර්ම වලින් යුක්තය.

මාත්‍රා

මදුළු 5 – 7

තෙළි දිය (බජුරි) තෝලක 5 – 10

ගුණ

රස – මධුර

ගුණ – ගුරු ස්නිග්ධ

වීර්ය – ශීත

විපාක – මධුර

බර්ජුරි ප්‍රභේද අතුරින් පිණ්ඩ ඛර්ජුරි හා රාජ බර්ජුරි යන දෙවගයම ශි තලය. ගුරුය. මධුරය. පිත්දහ. ශ්වාස, භ්‍රම පහකරයි. විර්යය වෘද්ධි කරයි. කේවල පිණ්ඩ ඛර්ජුරිකා දහය නැසීමෙහි සමර්ථ වේ. මධුරය. ගුරු ය. ශීතලය. ලේ පිත් ගමනය කෙරෙයි. තෘෂ්ණා, ශ්වාස, කළු, ශ්‍රම, විෂ පහ කරයි. පුෂ්ටිය ගෙන දෙයි. අග්නි මාද්‍ය උපදවයි. හෘදයට හිත කරයි. ස්නිග්ධ ය. වීර්යය වර්ධනය හා සන්තර්පනය ඇති කරයි.

මධු බර්ජුරි මධුරය, ධාතු පෝෂණය, කරයි. අධික දාහය සහ පිත ගමනය කරයි. ශීතලය. කෘමීන්ගේ හට ගැනීමට හේතු වේ. වීර්ය වර්ධනය කෙරෙයි.

භූමි බර්ජුරි මධුරය. ශීතලය. විදාහය සහ පිත පහ කරයි.

හික්කාව, රත්පිත, ක්ෂය, අභිසාත, දාහාදී රෝග ගමනය සඳහා වෙනත් ඖෂධ වර්ග සමග බර්ජුරි යොදනු ලැබේ.

ඉඳි ගසෙන් ලබා ගන්නා රා, මුත්‍ර වෘද්ධිය ඇති කරයි.

සර්ප විෂෙන් මුර්ජා වූවන් බහාලීමට පිළියෙළ කරන බෙහෙත් ඔරුවට යොදන ඖෂධ වලට ද, නා, පොළිං, මී හා ජයපාල විෂ පහ කිරීමට ද, බිඳුණු තැන් සන්ධි ගැන්වීමට ද,ලංකාවේ වැවෙන ඉඳිගස්වල බොඩ (බඩ) වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ.

ඉඳි බොඩ කල්කය

රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර, මූල ව්‍යාධි වලදී යෙදේ.

ඉඳි බඩ යුෂ සමඟ වජ්‍රක්ෂාරය

පෞරුෂ ග්‍රන්ථි ප්‍රදාහයේදී යෙදේ.

ඉඳි බඩ හා පෙරුම්කායම්

උලක් ඇනුනු විට එකට අඹරා තබයි. (උල ඇදේ )

කර්ම

දෝෂානුරූප කර්ම

රට ඉඳි වාත පිත්ත ශාමකයි.

ව්‍යුහගත කර්ම

  1. බාභ්‍ය- මෙහි මුල වේදනා ස්ථාපනයි.
  2. අභ්‍යන්තර – නාඩි ව්‍යුහයෙහි – රට ඉඳි නාඩි බල දායක ය.

මස්තිෂ්ක ශාමන ද, වාත හර ද වෙයි.

අන්න පවන ව්‍යුහයෙහි

ස්නෙහන, අනුලෝමන, ස්තම්භන යන මේ කර්ම ඇති හෙයින් වැඩියෙන් අනුභවයට ගත් විට විෂ්ටභය විෂ්ටභය හටගනී.

පත්‍ර ක්වාථය කෘමිග්න යි. තෘෂ්ණා, වමන, අතීසාර, කෝෂ්ඨගත වාත යන මේවා නැති කරයි.

රක්ත සංවහන ව්‍යුහයෙහි

හෘද්‍යයි. රත්පිත් ශාමක ද වෙයි.

ශ්වසන ව්‍යුහයෙහි

කළු නිස්සාරක යි. උරක්ෂක, කාස, ශ්වාස, හික්කා වලදී යෙදේ.

ප්‍රජනන ව්‍යුහයෙහි

වෘෂ්‍යයි. ශුක්‍ර දුර්වලතා ජය ගැනීමට යොදයි.

මුත්‍රණ ව්‍යුහයෙහි

මුත්‍රලය, මුත්‍ර කෘච්ඡුයෙහි යොදයි.

තාප ක්‍රමය

ජ්වරයනයි. දාහ ප්‍රශමනය ද වෙයි.

සාත්මිකරණය

ශ්‍රම හරයි. බල්‍යයි. වෘෂ්‍යයි. ක්ෂත, ක්ෂය ආදියෙහි දී යොදයි. ක්ෂය රෝගයේ දී ඉඳි, මීරා ප්‍රයෝග කරනු ලබයි.

ප්‍රයෝග

ව්‍යුහගත ප්‍රයෝග

  1. බාහ්‍ය – දන්ත ශුලයේ දී මෙහි මුල් තම්බා ගණ්ඩුෂ යෙදීමත්, මුල් චූර්ණය ගුලය ඇති ස්ථානයේ ආලේප කිරීම ද කළ යුතුය.
  2. අභ්‍යන්තර – නාඩි ව්‍යුහයෙහි – මූර්ජා, භ්‍රම, මදාත්‍යය, මස්තිෂ්ක දෞර්බල්‍ය, කටි ශුල, ගෘධුයි ආදී වාත විකාර යන මේවායෙහි රට ඉඳි යොදනු ලැබේ.

ආමයික ප්‍රයෝග

ග්‍රහණියට

මිදි, උක්, ඉඳි සාරය පෙවීම

කැයි මුසට හා ස්වර මහදයට

ගිතෙල්. ඉඳි. මිදි. සීනි, මී පැණි, තිප්පිලි පිටි යෝගය ලේහ කරවීම

මුඛයේ වීරසතාවයට

මිදි. ඉඳි. කල්කය කටේ තබාගෙන සිටීම හා ඒ දෙකින් ගණ්ඩුෂ කිරීම

රන්පිතට

ඉඳි. මී පැණි යෝගය යොදයි.

වරක සංහිතා විකිත්සිත ස්ථාන දෙවන අධ්‍යායයේ වාජීකරණ ද්‍රව්‍යයන් පිළිබඳ දක්වීමේ දී සඳහන් කර ඇති යෝග කීපයකට ඉඳි හා රට ඉඳි යෙදේ.

වෘෂ ශාකය

බල වර්ණ දෙකට හා කණ්ඨා ද, වාංහණ ද ගුණ දෙයි.

වෘෂ්‍ය ක්ෂීර

ඉඳි බොඩ හා රට ඉඳි යොදා ගනී.

ෂෂ්ටිකාදි ගුඩිකාව

ඉඳි යොදා සකස් කර ගන්නා මෙම ගුඩිකාව සේවනය කොට, පථ්‍ය වූ එළකිරි හා මස් රස වැළඳීමෙන් වෘද්ධයා පවා දීර්ඝ ජීවී වූ, තමන් නිසා උපන් බොහෝ දරුවන් දැකීමෙහි සමත් වේ.

අපත්‍ය කර ස්වරසය

ඉඳි ද යොදා සාදා ගන්නා මෙම ස්වරසය පානය කර සැටදා ඇල් හාලේ බත් භෝජනය කළ විට, ජරා පීඩිත වෘදධයා පවා මෙම යෝගයෙන් තරුණයකු මෙන් බල ලබා බොහෝ දරුවන් ලැබීමෙන් සතුටු වේ.

ඇත. පැරණි වෛද්‍ය ග්‍රන්ථයක් වු ද්‍රව්‍ය ගුණ දර්පනයේ ඉඳි පිළිබඳ මෙසේ දක්වා

ඉඳි මධුරය. ධාතු පෝෂණය කරයි. ක්ෂය රෝග, තැලීම්, දාහ. වා පිත් යන මේවාට හිතයි. ශරීරය ස්ථුල කරයි. ශීත හා වෙර බව ඇත.

” බර්ජුරං මධුරං වෘෂං වාහණං ගුරු ශීතලං ක්ෂයෙහි සාතෙ ද්‍රාභෙ වාත පිත්තේ තද්ධිතවේ ”

සුශ්‍රැත සංහිතා සූත්‍ර ස්ථානයේ 42 අධ්‍යායේ මධුර වර්ග යටතේ රට ඉඳි දක්වා

ක්වාර, අවලේහ, අරිෂ්ඨ, ආසව ආදි සංස්කරණයන්හි උපාදානයකි.

දේශීය ඉඳි. ක්වාර, චුර්ණ රසායනාදියෙහි උපාදානයන් විසින් යෙදේ. සරස්වති නිගණ්ඩුවේ 23 පිටුවේ (අභිනව සංස්කරණය) ඉදි පිළිබඳ මෙසේ

දක්වා ඇත:

බජ්ජුරස් (තු) බරස්කන්ධා

බර්ජුරි (ව) තෘණද්‍රැමඃ

දු; ශපශාන ක්ෂමා රො හා

(ප්‍රොකා) මධුර වාජිකම් “

යෝග සංග්‍රහ

බර්ජුරාදි වුර්ණය

අනුපාන – වැල්මී හා සීනි සමඟ

ප්‍රයෝග – අශ්මරී – ශර්කරා ජනිත මුත්‍රදාහ, මුත්‍ර – ශුක්‍ර සම්බන්ධ

රෝග. අංගදහ. ලිංගේන්ද්‍රයන්හි ද යෙදේ.

බර්ජුරාසවය

බර්ජුරාදි ලේහය

මාත්‍රාව – කර්ෂ 1/2-1 දක්වා

ප්‍රයෝග පිත්ත කාසයෙහි යෙදේ.

ද්‍රාක්ෂා අභාවයෙහි බර්ජුර ප්‍රතිනිධි වශයෙන් යෙදේ.

ඉඳි බොඩ කල්කය

මාත්‍රාව – කර්ෂ 1 බැගින්

වැළඳීම – ඉදුණු කෝලිකුට්ටු ගෙඩියක් සමඟ

ප්‍රයෝග – මුල ව්‍යාධි, රක්ත – ශ්වේත ප්‍රදර ආදියෙහි යෙදේ.

ගුණා

” වෘහත් ඛර්ජුරිකා ශ්‍රේණි සුඵලා ද්වී සම්භවා මධුරවා මෘතා ඵලා තින්දුකා හඵලාවසා මනී බර්ජුරි ගොස්තනාකා රා පරද්විපාදි භාගතා ජායතේ පශ්විමේ දේශේසා ජොහාරේන් කියතේ ”

රා: නි:

” සුලේමානිතු මෘදු ලදල හීන ඵලාවසා සුලේමානි හාමහන්ති දාහ මුර්ජා සු පිත්ත පිත්ත හෘත් ගුවාක තාල බර්ජුර නාරිකේලේ ශිරංසිව විෂ්ට තිත්ත කෂායාණි මුත්‍රා තංක භරානිව

බලප්‍රණ කරණා භෂාඃ ශුක්‍ර වෘද්ධි කරාණිව රාජ වල්ලභ

ආශ්‍රිත ග්‍රන්ථ

සිංහල විශ්ව කෝෂය (සිවුවැනි කාණ්ඩය)

SRI LANKA FORESTOR

වරක සංහිතා වි. අධ්‍යාය 2. සු. 4. 23. වී. 8. වී. 1

සුශ්‍රැත සංහිතා සු. අධ්‍යාය 42. 43. වි. 8

අෂ්ටාංග හෘදය සංහිතා සු. 5. වී. 1

ආයුර්වේද ඖෂධ සංග්‍රහය (දෙවන කාණ්ඩය)

ආයුර්වේද ඖෂධ සංග්‍රහය (තෙවන කාණ්ඩය)

VEGETABLE MATERIA MEDICA OF INDIA AND CEYLON

MEDICINAL PLANTS USED IN CEYLON

සරස්වතී නිගණ්ඩුව (අභිනව සංස්කරණය)

ද්‍රව්‍ය ගුණ දර්පණය (පැරණි සංස්කරණය)

Scroll to Top