BOTANICAL NAME – Coleus rotundifolius (Poir)
FAMILY – LAMIACEAE
පොදු සිංහල නම – ඉන්නල
පර්යාය නාම – ඉන්නල, රටල, ඉනි අල (ගිනි අල)
ඉන්නල ඖෂධයක් වශයෙන් යෙදෙන ස්ථාන විරල බව ප්‍රථමයෙන් ම සඳහන් කළ යුතුව ඇත. ආහාරයක් වශයෙන් යෙදෙන මෙය ලංකාවේ සෑම පළාතකම පාහේ වැවෙන පැළෑටියකි. කෙසේ වෙතත් ඉන්නල වල ඖෂධීය ගුණය අඩංගුවන බවට ද විවිධ මත ඇත.
විපාකය – මධුර
විර්ය – උෂ්ණ
ඉන්නල ඖෂධ සඳහා යොදා ගනු ලබන රෝග සහ ඒවායේ සංස්කරන ද පහතින් දැක්වේ.
(1) අර්ශස් රෝගය සඳහා
ඉන්නල යොදා කිරි බතක් පිස අර්ශස් රෝගීන්ට දීමෙන් අර්ශස් රෝගය සුව වේ.
(2) කෘමි රෝගය සඳහා
පණු රෝගයේ දී ඉන්නල අභ්‍යන්තරව යෙදීමෙන් ගුණ ලැබේ.
මේ අයුරින් බලන විට ඉන්නල වල ඖෂධීය ගුණයක් ඇති බව සඳහන් කළ යුතු වේ.
වෙනත් වෛද්‍යවරු මෙය අර්ශස් රෝගයට අපථ්‍ය ආහාරයක් වශයෙන් දක්වා ඇත.
ඉන්නල වලට පර්යාය වශයෙන් ‘රටල ‘ යන පර්යාය නාමය යොදා ඇත. එහෙත් රට අල යන නමින් වෙනත් අල වර්ගයක් ද ලංකා වාසීහු ආහාරය පිණිස ගනිති.
භග්න රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ දී ආහාරයක් වශයෙන් ඉන්නල යොදා ගන්නා බව භග්න වෙද මහතෙකුගේ මතය විය. මෙහි චූර්ණ කර (කැල්සියම්) අඩංගු බව ද මතය විය.
වෛද්‍ය ඇම්. එච්. ශ්‍රීයා ගුණතිලක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය
දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ
ජාතික ආයතනය.
ආශ්‍රිත ග්‍රන්ථ
ද්‍රව්‍ය ගුණ විඥාණය පණ්ඩිත කිරි ඇල්ලේ ඤාණවිමල හිමි
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



