ඉඟිනි

ඉඟිනි

BOTANICAL NAME – Strychnos potatorum

සිංහල – ඉඟිනි

දෙමළ – ටෙටන්කොට්ටේ

ඉංග්‍රීසි – Clearing Nut Tree

හින්දි – නීමල් නෙල්මල්

පර්යාය

කතක. වයඃප්‍රසාදනී. අම්බු ප්‍රසාදනී. චක්ෂුස්‍ය. ගුච්ඡඵල, නේත්‍ර විකාරජිත්

උත්පත්ති ස්ථාන

බෙංගාලයේ සහ දකුණු භාරතයේ තැනි තලා සහ මධ්‍යම ප්‍රදේශයට ආවේනිකයි. බුරුමයේ ද බහුලය.

වැඩෙන පරිසරය:-

මෙය ගස් වර්ගයකි. මධ්‍ය ප්‍රමාණයේ වැඩි උෂ්ණ දේශගුණ ඇති වියළි කලාපයේ වැඩේ.

ගුණාදිය :-

ලඝුය. රසයෙන් මධුර, තීක්ෂණ වියෙන් සීතල විපාක. ප්‍රභාව චක්ෂුස්‍යය. කළු ශ්‍රාව ගුණයද පවතී. විෂ රහිතය. ආමාන භාරක ගුණද, පෝෂණ ගුණද පවතී. දීපන ස්තම්භඡෙදනී ගුණය ඇත.

ප්‍රයෝජන :-

ප්‍රධාන වශයෙන් ඉඟිනි ඇට බෙහෙතට ගනී. කෂාය තික්ත රස නිසා සෙමත් මධුර නිසා වාතයත් සමනය කරයි. අපිරිසිදු සහ ජලය අපවිත්‍ර ද්‍රව්‍ය මිශ්‍ර ජලය පවිත්‍ර කිරීම සඳහා ඉඟිනි ඇට භාවිතා කෙරේ. ඇටවල පවතින ඇල් බියුමන් නිසා ජලයේ පවතින අපද්‍රව්‍ය අවක්ෂේප කිරීම ඇති හැකියාව ජලය පවිත්‍ර කිරීමේ කාර්යට හේතුවයි. සෙම වාත දෙකෙන් හට ගත් ඇස් රෝග නසයි. මුත්‍ර කාර කයි. මුත්‍ර වල සීනි අඩු කරන ගුණය ඇත. මුල් හා පොතු කුෂ්ඨ නාශකය. මාත්‍රාව අධික වුවහොත් වමන කාරකය. දැවිල්ල නසයි. බාහිර වශයෙන් යෙදූ විට ඇස් සේදීමට ද අභිෂ්‍යන්ද රෝගයටද හොඳයි. ඉගිනි ඇට වල ස්ට ‍විනින් නැත. බ්‍රෑසින් ඇත.

පැලෑටියේ ගුණ :-

කතකස්‍ය ඵලං නේත්‍රං ජල නිර්මලතා කර
වාතශ්ලේෂ්ම හරං සීනං මධුර තුවර ලඝු

ඇස් වලට හිතයි. ජලයේ නිර්මලතාවය ඇති කරයි. වාත සෙම් නසයි. මධුර කසට රසයි. සැහැල්ලුයි.

ආමයික ප්‍රයෝග :-

කල් පවතින අතීසාරයට ඉගිනි ඇටයක් මෝරුවෙන් ගලගා සතියක් පමණ බීමට. මුත්‍ර මාර්ගයේ ප්‍රදාහයට: ඇට වර්ණය එළකිරි සමග.

අභිෂ්‍යන්දයට :-

  1. ඇට වර්ණය කපුරු සහ මී පැණි සමඟ අඹරා ඇසට හෙලීම.
  2. සහිඳ ලුණු – ඇට වර්ණය ඇල් දියෙන් අඹරා

ගෙඩිය :-

වමන කාරකයි. අතීසාර නාශකයි. මාත්‍රාව තේ හැඳි 1/2 ක්.

කාමලා :-

ඉගිනි ඇට සුදු හඳුන් තැඹිලි දියෙන් අඹරා බීමට. (ඇටය මදක් තලා උණු අලු පල්ලේ තම්බා ගත යුතුයි)

අශ්වරි වලට :

ඉගිනි ඇට එන්සහල් සුදු හඳුන් එක පමණ ගෙන කුඩු කර කුරුම්බා වතුරින් දීම

“. ඉගිනි ඇට ගලගා එන් සහල් චූර්ණය සමඟ කුරුම්බා වතුරින් දීම.

ඉඟිනි ඇට වැල්කහඹිලියා සුදු හඳුන් සහ නීරමුල්ලි කලං 3 බැගින් ගෙන පත එකට සිඳ පෙරා උදය සවස පත 1/2 ක් බීමට

”ඉඟිනි ඇට සුදු හඳුන් තැම්බූ වතුරින් චන්ද්‍ර ප්‍රහා පෙති 1 බැගින් උදය සවස කෑමට පසුව දීමට.

වෘණ ගෝත වලට

ඉඟිනි ඇට වර්ණය මී පැණියෙන් අඹරා දීමට.

අභිෂ්‍යන්දයට

ඉඟිනි ඇට මී පැණියෙන් ගලගා ඇස් වටා ගෑමට.

උපුටා ගන්නා ලද ග්‍රන්ථ

ආයුර්වේද ශබ්ද කෝෂය
කිරිඇල්ලේ ඤාණවිමල හිමි
ආයුර්වේද ඖෂධ සංග්‍රහය

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.

www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si.

Scroll to Top