ඇපල

ඇපල

BOTANICAL NAME – Urena lobata L.

FAMILY – MALVACEAE

ENGLISH NAME – Apple

පොදු සිංහල නම – ඇපල (<අපීලු)

ප්‍රභේද

ප්‍රභේද දෙකකි.

  1. හිං ඇපල – ඇපල ගක සේ කුඩා වර්ගය යි.
  2. ඇපල – අපිලු ශබ්දයේ ඡායාවක් වැන්න.

ඒක වාර්ෂික පැලෑටියකි. අඩි 1. 1/2 සිට 03 දක්වා උස් වේ. අල්ප වශයෙන් අතු බෙදී ඇත. බුව සහිතයි. පත්‍ර අඟල් 1 සිට 1, 1/2 ක් පමණ දිග් වන අතර, විවිධ හැඩ වලින් යුක්ත වේ. ඉහළ පත්‍ර අණ්ඩාකාරයි. ගොරෝසුයි. අක්‍රමවත් දැති සහිතයි. පත්‍රයේ දෙපස ම සුළු වශයෙන් බුව සහිත යි. යටිපස ශ්වේතවර්ණයි. පහළ කොටසේ පත්‍රවල නටුව දික් වන අතර, ඉහළ පත්‍රවල නටුව කෙටි වේ.

මල් කුඩායි. අඟල් 3/8 පමණ විෂ්කම්භයකින් යුක්ත යි. කෙටි නටු සහිත මල් අතු අග කෙළවර පොකුරු වශයෙන් ගොනු වී පවතී. මල් මොට්ටු පළලට වඩා දිගින් වැඩියි. ඒවා සුළු වශයෙන් බූවෙන් වැසී ඇත.

පුරුෂ කේශර 8 – 15 දක්වා ඇත.

ගෙඩි – කුඩායි. වටකුරුය. අඟල් 1/6 පමණ වේ. කෙළවර නැමුණු නටුවක් ඇත. වස්ත්‍ර වල ඇලෙන සුළු ය. පහත රට ප්‍රයෝජනයට නොගන්නා බිම්වල බහුලව දක්නට ඇති තෘණ වර්ගයකි.

නොවැම්බර් සිට පෙබරවාරි දක්වා කාලයේ මල් හටගනී. මල් කහ පාටයි. ආසියාවේ සහ අප්‍රිකාවේ බහුල ව වැවේ.

ව්‍යවහාරික අංග

මුල්.

පැළැටියේ ගුණ

මේවායේ මුල් කටී වාත, ආමවාත, වේදනා වලට බාහිර ආලේපයක් වශයෙන් යොදා ගනිති.

ගසේ කොළ කොටා පොට්ටනි බැඳ වංඩුවේ තම්බා අර්ශස් ගෙඩි තැවීමට භාවිතකෙරේ.

ශ්‍රී ලංකාවේ ඖෂධ පිණිස නිතර යොදා ගන්නා පැලෑටියක් නොවේ.
අපිලුස් ස්වල්පශාටඃ ස්‍යාව් ඡාකෝ වත්සර ජිවනඃ,
වස්ත්‍රාලිංගිඵලාඃ ශුකෛ රාවෘතාංගස් තෘණාන්වයඃ;
බාභ්‍යාලේපඃ කටීවාතා – ” මවාතාතිං විමදයේත්,
පත්‍ර පෝට්ටලිකා වෙදෝ – ජයේත් පීඩාං ගුදා ශ්‍රීතාම්;

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න
www.kobeigane.com

https://youtube.com/@kobeigane-f9b?si=ZlDNFDhxF4ZlRoT0

Scroll to Top