BOTANICAL NAME – Terminalia tomentosa W. & A
FAMILY – COMBRETACEAE
පොදු සිංහල නම – අසන (අසුන්න්ගල්ල අසනගුල්ම)
ඉංග්‍රීසි නාමය – Black murdah Laural, Sain
දෙමළ නාම – කුරුප්පු, මරුනිදා, මුරුකාමරම්
හින්දි නාම – අසන, ශ්‍යාම, විජයසාර
සංස්කෘත නාමය – සරබ
පර්යාය නාම
බීජක – ඇට බහුල
මහාසර්ජ – මහගල්
පීතසර – කහපාට අරටුව
පීතශාලක – කහමල් ඇති සල්
සෞරි – අසන
බන්ධුක පුෂ්ප – වද බදු මල්
සුනිල – තද නිල්
ශ්‍යාම – සම්වන්
ප්‍රියක – ප්‍රියංකර/ පියල් ගස
ප්‍රිය ශාලක – ප්‍රිය වෘක්ෂය
බීජ වෘක්ෂ – ඇට බහුල ගස
ගර්ජන – හොරගල්
අශන – රතු ගමලු
කුලය- දැව කුලය
ගම්මාලු සඳහා අසන පර්යාය යෙදී ඇත. විශේෂයෙන් අසන ගම්මාලු ලෙස හැඳින්වීමේ යුක්ති යුක්තිතාවන් තිබේ දැයි විමසිය යුතුය. මෙසේ වීමට හේතු රැසකි. වෛද්‍ය ග්‍රන්ථ වල අසන පර්යායක් වූ බීජක ශබ්දයට විවිධාර්ථ ඇති නිසා විය හැක. ආචාර්ය ප්‍රියවෘත ශර්මාතම ද්‍රව්‍ය ගුණ විඥාන ග්‍රන්ථයෙහි බීජ ක ලෙසින් ගම්මාලු හා අසන වෙන් වෙන් වශයෙන් විස්තර කොට ඇතත් එහි අසන පර්යාය වූ පිත ශාල හා අසන සඳහා හින්දි නාමය වූ විජය සාර යන නම් දෙක ගම්මාලු පර්යාය ලෙස සඳහන් කොට ඇත. සුශ්‍රැත අෂ්ටාංග හෘද ග්‍රන්ථද්වයෙහි මං එක ම පර්යාය මේ දෙවර්ගය සඳහා ම යෙදී ඇත.
අසන හා ගම්මාලු ගුණය අතින් ද එක සමානය. එහෙත් අසන හා ගම්මාලු දෙවර්ගයකි. ගම්මාලු ලඝු, රුක්ෂ, කටු විපාක, කසට රස ශීත වීර්යය ද්‍රව්‍යයෙකි. ගම්මාලු රත්හඳුන් පවුලට ද අසන අරළු පවුලට ද අයත් ය. දශමූලාරිෂ්ට ආදියෙහි අසන අරටු සඳහා ශාරංගධර විවරණය අනුව ගම්මාලු (ගමල) අරටුව යෙදීම මැනවි. ද්‍රව්‍ය ගුණ විද්‍යාඥයින් අතර පවා මේ දෙවගය සම්බන්ධ මතභේද ගැටීම ඇති බව පැහැදිලි ය.
රස – කශාය තිත්ත
ගුණ – ලඝු, රුක්ෂ
වීර්ය – උෂ්ණ
විපාක – කටුක වේ.
පොතු, අරටු මැලියම් ඖෂධ සඳහා ව්‍යවහාර කෙරේ.
ත්‍රිදෝෂ නාශක ය. බාහිරින් ඉදිමුමට මෙන් ම, පරණ තුවාල සඳහා පොතු අඹරා ආලේප කිරීම ගුණදායකය. එම පොතු කෂාය තුවාල සේදීමට ද යොදා ගනු ලැබේ.
ආභ්‍යන්තරික වශයෙන් ත්‍රිදෝෂයෙන් ම වු විකාර අවස්ථාවන්හි යෙදිය හැකි ය. වාතරෝගීන් විෂයෙහි නාඩිය ශක්තිමත් කරයි. අතීසාර ප්‍රවාහිකා අවස්ථාවල දී ධාරකයක් වශයෙන් ක්‍රියා කරයි. ප්‍රමේහ රෝගීන්ට ද අතිශයින් ගුණදායකය.
කුෂ්ඨ. විසර්ප, ශ්විත්‍ර, ප්‍රමේහ. ක්‍රිමි හා රක්ත පිත්ත නාශකය. සමට හා හිපකෙස් වලට හිත කරය. අසන සාරය රත්පිත් නිසා දුබල වුවන්ට. රසායනයක් ලෙස භාවිත කළ හැකි ය.
නවකීර්ණය
ශාල (සල්) යනු ශාල කුලයට අයත්
(1) L Shorea robusta Gaertn, f. නමින් හැඳින් වෙන වනස්පතිය යි මෙහි සර්ප, අශ්වකර්ණ අජකණ යන විසින් ගැනෙන තවත් ශාල වර්ග තුනක් ඇත.
(2) සර්ජක ශාලය බීජක අසන වශයෙන් දෙවැදෑරුම්ය. බීජක ශාලය Pterocarpus marsupium Wild නමින් ද අසන ශාලය Terminalia tomentosa නමින් ද හඳුන්වනු ලැබේ.
(3) තුන්වන ශාලය අශ්වකර්ණ ශාලයයි. එහි කොළ අශ්ව කරණයට සමානය. එය හඳුන් වනුයේ Dipterocarpus alatus යන නමිනි.
(4) අජකර්ණ ශාලයට දී ໑໑໖ Vateria indica Linna 2. White Dammer Tree, Indian Copal Tree යන නම් දෙක ඉංග්‍රීසියෙන් ව්‍යවහෘතයි. වෙනත් තොරතුරු මේ ශ්ලෝක වලින් දැන ගත හැකි ය.
ශෘල ශාලද්‍රැම් ශක්‍ර – තරු ද ක්ෂුද්‍ර ඵලස් තථා;
තස්‍ය සජෝශ්වකර්ණජ – කණේද වෙති විශේෂතා:
තේෂා චතුරණං නිර්යාසා රාලනාමම්නා ප්‍රකීර්තිතාඃ :
රාලෝ යෝස්ති චතුර්ථස්‍ය- සෝපරේය සිකාධිකාඃ:
බීජකශ්වාසනශ්වෙති- සජිකෝ සද්‍යාතේ ද්විධා;
බීජකඃ පිතාශාලශ්ව සාරාන්තෝ විජයාදීම 2:
රක්ත පුස්සෝ ‘ සනෝ ග්‍රාම – ශාල ප්‍රියක ඒව ව.
ලෝශ්වකර්ණෝ ඥයෝ ‘ශ්ව – කර්ණ තයර් යුතෝ ද
අජකණෝ මහා ශාලෝ – ගජෝ මරිචපත්‍රකඃ:
ශාලෝ විද්‍රායි බාධිය – යෝනිකරණ ලදන් හරේත්:
බීජකඃ කුෂ්ඨ වීර්යය – ශ්චිත්‍ර මෙහ ගද ක්‍රිමින්,
හන්ති පිත්තං කඵාසුං වි- ත්වව්‍ය කේසස් තථා ‘ස්න;
අශ්වකණා කංටුස්ත්‍රික්තඃ – ස්නිධඃ පිත්තාසුනාශනඃ උරෝ විස්ඵෝට කංඩුනා – ශිරෝදෝෂාර්ති කෘන්තන:
අජකණා කටුස්තික්ත – කෂායෝණෝ ව්‍යහෙහති.
කළුපාණ්ඩුශ්‍රැති යදොන් – මේහ කුෂ්ඨ විෂව්‍රණාත්
වරක විමාන 8 අධ්‍යායේ ආ කෂාය ස්කන්ධයට කාල. සරික. අශ්වකණ, අජකරණ යන ද්‍රව්‍ය සතර, සතර වර්ගයක් වශයෙන් ඇතුළත් වී ඇත. සමීප අතීතයේ සිට පන්සල් වල වවා ගෙන තිබෙන සල් වර්ගය ශාලගණ යෙහි නොගැනේ. එය ඇමෙරිකාව ආදී වාස කොට ඇති කැනන් බෝල් ට්‍ර නම්.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



