අසමෝදගම්

BOTANICAL NEME – Trachyspermum roxburghianm (Wall.) Craib.

FAMILY – UMBELIFERAE

කුලය – අසමොද කුලය

පොදු සිංහල නම – අසමොදගම්

ඉංග්‍රීසි නාම – Wild celery, Marsh parsley, Smallage

දෙමළ නාම – අසමොදගම්, ඔහුම්, අසනිතා, අස්මතුම, අස්මත

නින්දි නාමය – අජමුදු

සංස්කෘත නාම – යවානිකා, අජමෝද, අජමොදිකා, උග්‍රගන්ධා

පර්යාය
පර්යාය සංස්කෘත භාෂාවෙන් යවානිකා, අජමෝද, අජමෝදිකා

වැවෙන ප්‍රදේශ
ඉන්දියාවේ සියලු ප්‍රදේශයන්හි වැවේ. ඉන්දියාවේ පෙරදිග ප්‍රදේශයන්හි බහුල ව වැවේ.

ප්‍රභේද

යවානි, යවෂාත්වා, දීපනා, අජමෝදිකා – හීන් අසමොද
අජමෝද, ඛරාශ්වා, දිව්‍යක, වනයමානි – මහ අසමොද
සාවනි – පාරසිකයවානි-බුරාසානි යවානි = (කුරුකැනි අසමොද. (Hyoscyamus niger

බීජ සහ තෙල් ඖෂධ පිණිස ගැනේ. අසමොදගම් ඇට වලින් වාෂ්පීකරණයෙන් තෙල් ලබා ‍ගත යුතු ය.

අජමොදා යනු එළු ගඳ ඇත්තී යන අරුතින් අන්වර්ථ වූ නාමයකි. සමහර ග්‍රන්ථ වල එළුවන් ප්‍රිය කරන පැලෑටි යන නමින් ද අරුත් දී ඇත. අසමෝදගම යනු ද්‍රවිඩ බසින් බිඳී ආ රූපයකි. කෙසේ වුවත් අසමොද මහා අසමොද, වල් අසමොද, යන තුනින් ම අදහස් කෙරෙනුයේ සතකුප්ප කුලයට අයත් ඇට මඳක් ලොකු අසමොදගම ය.

රසය – කටු, තිත්ත ද
ගුණය – ලඝු, රූක්ෂ, තීක්ෂණ
වීර්ය – උෂ්ණ
විපාක – කටුක

උෂ්ණ නිසා කළු වාත සමනය. තීක්ෂණ නිසා පිත්ත වර්ධන වේ. බාහිරින් වේදනා සහිත ස්ථානයන්හි ආලේප කළ හැක. එසේම විදාහිද වේ. උද්වෙෂ්ටන, නිරෝධි ද නාඩි බලකාර ද ආමවාත සන්ධි ශෝථ නාශක ද වේ. ගින් අසමොද ගෝථ හරය. අනුලෝමනය. හමට හිත කරය.

හීන් අසමොද ඇට අඹරා පිළියෙළ කළ ආලේපය මෙන් ම ඇටවල තෙල ද ශෝථ වලත් වේදනා සහිත ස්ථානවලත් අත්‍යංග කරනු ලැබේ. මේ දෙක ම වර්ම රෝග විශයෙහි මෙන් ම ගෝනුසු ආදීන්ගේ විසෙහි ද ගෑම ප්‍රයෝජනවත් ය. තෙල් කැට (තයි මෝල්) උණු වතුරට දමා දිය කර වණ සේදීමට යොදා ගනු ලැබේ. ආඩ්මානයේ දී ඇටවල කල්කය බඩේ ගෑමද, ඇට යෙදු පොට්ටනියෙන් තැවීම ද ලාභදායක වෙයි.

ආභ්‍යන්තරික ව නාඩි බලකාරක ද මස්තිෂ්ක බලකාරක ද වේ. හෘදය උත්තේජනය කරන නිසා හෘදය දුර්වලත්වයෙහි ලා උපයෝගී කරගත හැකි ය.

වාජීකරණ වුවත් ගර්භාෂය උත්තේජනය කරන හෙයින් ගර්භනීන් විෂයෙහි යෙදීමේ දී පරෙස්සම් විය යුතු යි. කළු නාශක හෙයින් කාස, ස්වාස හික්කා අවස්ථාවල දී මෙහි චුර්ණය යෙදිය හැකි ය. ඇට වර්ණයේ දුම ද පරණ කැස්සේ දී මෙන් ම තමක වාසයෙහි දී ද, උරන්ට දිය හැක. දුම් ඉරීමේ දී සෙම බුරුල් වී කැඩි එයි. මූත්‍ර ව්‍යුවහයෙහි මූත්‍ර ජනක නිසා වස්ති ශුල මුත්‍රාඝාත යන අවස්ථා වල දී යෙදිය හැකි ය.

ග්‍රහණිය නිසා ඇතිවන දුර්වලතාවයට මෙය යෙදිය හැකි ය. කලක් අබින් පාවිච්චිය නිසා ඇති වු විෂ තත්වයන්හි දී එය නැවැත්වීමට ද, අබින් කෑමේ පුරුද්ද නතර කිරීමට ද අසමෝදගම් වටක ලෙසින් හෝ වුර්ණ ලෙසින් දිය යුතුය. සුතිකාවන් විෂයෙහි කෂ්ටාර්තවය ඇති විට දිය හැක. අජීර්ණයට අසමෝදගම් හා ඉඟුරු තම්බා බොන්ට දීම දේශීය ගෘහ ඖෂධයකි. බාල ග්‍රහණියට ද සුදුලුනු සහ දෙදුරු සහිතව මෙය ම යොදනු ලැබේ. අපස්මාර රෝග විෂයෙහි දී අසමෝදගම් යෙදී ම හානිකරය.

අසමෝදගම් වල වඩාත් ගුණයක් ඇත්තේ තෙලෙහි ය. කසාය තැම්බීමේ දී එම තෙල් කොටස හුමාලය සමඟ නික්ම යන නිසා කසාය උණු කොට පෙරා අසමෝදගම වුර්ණ කොට එය එහි බහා නිවුනු පසු පෙරා බිමෙන් අපේක්ෂිත ගුණ හොඳින් ලබා ගත හැක.

කුරාසානි (ඵාරසිකයවානි) නම් අසමෝදගම් වර්ගය ඉහත කී ගුණයන් දැක් වූ අතර ම වට පණුවන් ඇද හෙලීමට ද පෙළඹෙ යි. කුමන අසමෝදගම් වර්ගයක් හෝ අධික මාත්‍රාවෙන් සේවනය කළ විට විෂ ලක්ෂණ පහළ වේ. එවිට ශ්‍රමය. ශෝථය, (ඉදිමුම), සග්න්‍යාසය පමණක් නොව උන්මාද ලක්ෂණ ද ඇති විය හැකිය. හිසරද, වචනය, අතීසාර, දුඃස්වසන. අවසාද, මුත්‍ර දාහ. තද කහ පාටින් යුක්ත වීම, කම්පන, අවක්ෂේපය, හා මරණය ද, විශාක්ත ලක්ෂණ ලෙස ද දැක්විය හැකි ය. එහෙයින් නිසි මාත්‍රාවෙන් රෝග ශමනය ද අනිසි මාත්‍රාවෙන් රෝග උද්භවය ද වේ. ඇට වර්ණය මාෂක 1 සිට 3 දක්වා ද තෙල් බින්දු 15 සිට 30 දක්වා ද ඝණ සත්ව ගුන්ජා 1/4 දක්වා ද අර්කය කෝලා 2 සිට 4 දක්වා ද වේ.

යෝග

අජමෝදාදී වුණ. අජමෝදදී අර්ක, අජමෝදාදී තෛලය, අජමෝදදී ඝතසත්ව, අජමෝද පංචාංග වුරණ යනාදිය ක්‍රියාවේ යෙදී පවතී.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top