BOTANICAL NAME – Eupatorium triplinerve Vahl. syn. E. АуарапаVent.
FAMILY – COMPOSITAE
නාම
පොදු සිංහල නම – අයාපාන
සංස්කෘත නාමය – අස්යාපාන
සිංහල නාමය – අය්යාපාන
දෙමළ නාමය – අයාපෙනී
ඉංග්‍රීසි නාමය – අයාපාන Ayapana
ගුජරාති නාමය – අලෙප්පා
මරාටි නාමය – අයාපාන
පිලිපීන නාමය – මුරැසිය
හිංදි – අයාපාන
ඇමේසන් සානුවේ උපත ලද, බ්‍රැසීලය සහ අමෙරිකාවේ උතුරු ප්‍රදේශයේ වැවෙන පැලෑටියකි. ඉන්දියාවේ නොයෙක් තැන්වල ද, ලංකාවේ පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ ද වගා කොට ඇත. දේශීය පොත් පත්වල මෙම පැලෑටිය පිළිබඳ සටහන් දක්නට නොලැබෙන අතර මෙරට ඖෂධ ද්‍රව්‍යයක් ලෙසට භාවිත වන බවක් නො පෙනේ.
- පැලෑටිය සහ මුල ඖෂධ පිණිස යොදා ගනිති.
ප්‍රයෝජන
මුරුසියේ මෙයින් තනාගත් කෂාය අරුචිය සහ අන්ත්‍රගත ආබාධ වලදී ද පුප්පුසිය රෝග සඳහා ද භාවිත කරති.
උණ. ප්‍රතිශ්‍යාය. පාචන (බඩයන) රෝග සහ අධික ඩහදිය වැගිරීම, ඇති රෝග යන අවස්ථා වලදී ඖෂධයක් ලෙස පිලිපීන වැසියෝ යොදා ගනිති. මෙයින් තනාගත් කෂාය වමන කාරකයක් ලෙස ද ප්‍රයෝජනයට ගනිති. උණුකර ගත් කෂාය සහ අමුවෙන් සකස් කර ගත් යුෂ අභ්‍යන්තර බාහිර දෙ විධියෙන් ම වණ තුවාල සඳහා උපයෝගී කර ගනිති. ඉන්දු චීනය සහ ගයනාවේ කොළ පාණ්යය ස්වේද කාරකයක් ලෙස භාවිත වේ. අඩු මාත්‍රාවෙන් දෙනු ලබන කෂාය උත්තේජක ස්මෘති කාරක (සිහිය වඩවන) ඖෂධයක් මෙන් ද, වැඩි මාත්‍රාවෙන් විරේක ඖෂධයක් මෙන් ක්‍රියා කරයි. නාග විෂට ඖෂධයක් වශයෙන් ගයනා. බ්‍රැසීලය, පිලිපීනය සහ ඉන්දීය වැසියන් විසින් යොදා ගනු ලැබේ. ඉතා හොඳ ඖෂධයකි. චර්ම රෝගයන්හි තැවිල්ලක් ලෙස ද ප්‍රයෝජනයට ගනිති. අජීර්ණයට
මෑතක සිට ඉන්දියාවේ වෙදවරු ද මෙය වෙදකමට ඈඳ ගත්හ.
ආර්යය ප්‍රාණෝ ගන්ධ දලෝ – ජීවරාතිසාර ශෝථනුත්.
ශිතාවෂථාං හරේත් ඵාටෝ – ජීවරාගමන පුර්විකාම්:
බලස්මෘති ප්‍රදා මාත්‍රා – ස්වල්පා වෝක්තේජිකා තථා, මාත්‍රා’ තිස් වෙද මයිකා – කුයාද් වමන රේවනේ: රක්තතම් හෝ භවේදස්ය – බාහ්යාහ්යාන්තඃ ප්රයෝගතඃ,
ප්රශාමන්ති ප්‍රතිශ්‍යාය-කඵනාග විෂක්ෂතම්:
_සං සං
- ඉන්ඩියන් මෙඩිසිනල් ප්ලාන්ට්ස් – කීර්ති කර් ඇන්ඩ් බාසු
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු



