අඳු

BOTANICAL NAME – Eryngium foetidum L.
FAMILY – UMBELLIFERAE
පොදු සිංහල නම – අඳු
ENGLISH NAME – Common Sweet Basil
හින්දි නාමය – බව්රි, වනතුලයි(වල්තලා) බාර්බර, සබ්ජා, චර්වරි
බෙංගාල නාමය – බාබුර්තුලසි, ගු-ඩමරි, රාන් තුලසි.
ඇසෑම් නාමය – ජොන්ගලි, මෙමේඩෝ
මාරාටි නාමය – සබ්ජා, තෙ-හතුලසි, තා-තිරතුත්පතවිය, ප-බමරි.
සංස්කෘත නාමය – අජ්ජක, අර්ජක

සංස්කෘත පර්යාය නාම

බර්වරි කවරි තුංගි – බරපුෂ්පා “ජනංධිකා”
පර්ණාසස්, තත්‍ර
(1) කෘෂ්ණේ තු – කඨිල්ලක කූඨෙරකෞ; තත්‍ර
(2) ශුක් ලෝ ර්ජකෝඥෙයෝ
(3) වටපත්‍රස් තතෝපාර:

තලා වර්ගයට අයත්වන ප්‍රභේද

අඳු
අඳු තලා
සුවඳ තලා

වශයෙන් ප්‍රභේද කිහිපයකි.

රස ගුණාදිය

බර්වරිත්‍රිතයං රූක්ෂං- ශීතං කටු විදාහි ව, තීක්ෂණං රුචිකරං හෘද්‍යන්- දීපනං ලඝුපාකි ච;
පිත්තලං කළුවාතාසු – කංඩුක්‍රිමි විෂාපහම්.- භාමිනි

මේ නම් අර්ජක තුනට පර්යාය වෙයි.

  1. කළු වර්ගය – කෘෂ්ණා ර්ජක, සුගන්ධි තුලසි, කඨිල්ලක, කූඪරක යන නම් වලින්ද.
  2. සුදු වර්ගය – අර්ජක, සීතාර්ජක, දෙනමින් ද, අනිත් වර්ගය වටපත්‍ර නමින් ද, වෙසෙසා හදුන්වනු ලැබේ.

මතභේද ද ඇත. එනමුත් තුන් වර්ගයේ ම සමාන ගුණ ඇති හෙයින් එකක් වෙනුවට අනික යෙදීමෙහි වරදක් ඇතැයි නොකිය හැකිය.

අඳු යනු අජ්ජක (අර්ජක) ශබ්දයෙන් බිඳුනා විය හැකිය.

සංස්කෘතයෙහි බර්වරා නමින් එනුයේ වේලා හා රම්මානිස්සය. බර්වරාව, බර්වරී වී ද, බර්වරී අඳුතලා ය. අන්ධක තුලසී – අඳුතලා වී යැයි ඇතැම් උගතුන් කියතත් නයාගේ ඇස් අඳ කිරීමේ කථාවක් කොතනකවත් නැත. අන්ධක පර්යායක් ද නැත.

රස – තික්ත
ගුණ – ලඝු
වීර්යය – උෂ්ණ
විපාක – කටුක

අඳුතලා මල් ගින්න වඩයි. හෘදය ට හිතවත් ය. තීක්ෂණ ය. උෂ්ණ වීර්ය වඩයි. රුචිය ඇති කරයි. රළුයි. ගෝනුසු දෂ්ඨ ආදී විෂ අවස්ථා වල දී තලා කොළ අඹරා හෝ එහි යුෂ හෝ ආලේප කරනු ලැබේ. කුෂ්ඨ ක්‍රිමි අවස්ථා වලදී ද තම්බා සේදීම ගුණදායකය. තද සුවදකින් යුතු වුවත් එය දැනෙනුයේ ගඳක් ලෙසිනි. එම ගඳ සර්පයින් ට අප්‍රිය වන නිසා “නයාට අඳුකොළ මෙනියි” වහරෙකි. මේ නිසා ම අඳු වැවෙන ප්‍රදේශ වල සර්පයන් හැර යන්නේ හරකුන් ට පැගීමට අසුව පොඩිවන අඳු වලින් නැගෙන ගඳ ඔවුන් දැඩි ලෙස අප්‍රිය කරන නිසා යයි කියති. නො එසේව පොදුවේ සර්ප විෂ සඳහා හෝ නයි විෂට හෝ අඳු ප්‍රත්‍යක්ෂ ඹෟෂධයක් ලෙස නොවේ.

ආමයික ප්‍රයෝග.

  1. අඳුකොළ ඉස්මට මී පැණි මිශ්‍ර කැර ඇසේ ගෑමෙන් නව නේත්‍ර කෝපය සන්සිඳේ. _ශෝඪලනි
  2. අඳු ඇට පිටි කොටා එළු කිරෙන් භාවනා දී ගෑමෙන් ගෝනුසු විෂ නැසේ.
  3. මදුරුතලා, අඳු , මුරුංගා, ආලේපය ශීත ජ්වරයෙහි යෙදේ.
  4. අර්ජක ස්වරස – තීක්ෂණ, උෂ්ණ, රූක්ෂ, වාතප්‍රශමන, වාතනාඩි, සංස්ථාන, උත්තේජක, ස්වේදජනක, කෘමිස්න, යන ගුණ කර්ම සම්පන්නය. බීජය – මධුර ස්නිග්ධ ශිතල මුත්‍රජනන, ස්තම්භන යන රස ගුණාදියෙන් යුක්ත වෙයි. අර්ජක ක්ෂූපය උන්මාද සන්‍යාස, ජීර්ණවාතික ජ්වර, කාස, අජීර්ණ, අතීසාර, සර්පවිෂ, වෘශ්වික විෂ, දද, වණ යන මේවායෙහි යොදනු ලැබේ.
  5. බීජපාණ්ඨය අතීසාරයෙහි හිතවත් ය.
  6. සර්ප විසේ දී මෙහි සොරස වරකට තෝලා 4,5 බැගින් පැ 4 කට වරක් දිය හැකිය.
  7. ගෝනුසු දෂ්ඨයේදී මෙහි ඉස්ම කෑ මුඛයේ ගානු ලැබේ.
  8. කර්ණ ශූල, දන්ත ශූල, ආදියේ දී කොළ යුෂ ගෑම මැනවි.
  9. වාජීකරණය උදෙසා ඇට පිටි ඩ්රෑම් 1-2 බැගින් කිරි සමඟ දෙනු ලැබේ.

මාත්‍රා – ස්වරස තේ හැඳි 1/2 – 1 බීජ චූර්ණය තෝලා 1/4 – 1/2 බැඟින් එළකිරි සමඟ හෝ ඵාණ්ටය සාදා.

ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි

© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු

Scroll to Top