අළු රදනකයා

අළු රදනකයා

Common Wolf Snake

Lycodon aulicus

ශ්‍රී ලංකාවේ හමුවන රදනකයින් විශේෂ අතරින් අළු රදනකයා යනු ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ , අතරමැදි කලාපයේ සහ තෙත් කලාපීය මිනිස් වාසස්ථාන ආශ්‍රිත ව හමුවන නිර්විෂ සර්ප විශේෂයකි.

සුලඹ වශයෙන් උග්‍රවිෂ සර්ප කාණ්ඩයට අයත් තෙල් කරවලා සහ මුදු කරවලා ලෙස නොදැනුවත්කම හේතු කොට ගනිමින් මිනිසුන් මෙම රදනකයින් විශාල වශයෙන් ඝාතනය කිරීමට පෙලඹෙයි.අළු රදනකයා ඒ අතරින් ප්‍රමුඛ වෙයි.

කළු පැහැයෙන් මෙන් ම දුඹුරු පැහැයෙන් ද දිස්වන මොවුන්ගේ ශරීරයේ සුදු පැහැ හරස්පටි ශරීරය පුරා ම විහිදා යන අහර එම හරස් පටිය උදරය සීමාවට ලං වන විට ‘Y’ හැඩයක බෙදීමක් පෙන්නුම් කරනු ලබයි.මොවුන්ගේ හිස පෙයාස් ගෙඩියක ස්වරූපයක් ගන්නා අතර හිස ගෙලෙන් පැහැදිලි ව ම වෙන් වී දිස්වන ආකාරය නිරීක්ෂණය කළ හැකි ය.

ප්‍රධාන ආහාරය ලෙස හූනන් , සිකනලුන් වැනි සත්වයින් ගොදුරු කරගනු ලබයි.ඊට අමතර ව කටුස්සන් , මීයන් වැනි සතුන් ද ආහාරයට ගනී.ප්‍රධාන වශයෙන් ම මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන හූනන් සොයා ගැනීම සදහා මිනිස් වාසස්ථාන කරා පැමිණීමට පෙළඹෙයි.

උපතේ දී පැටවෙකු 140mm – 180mm ක් පමණ ද වැඩුනු අළු රදනකයෙකු 300mm – 700mm ක් පමණ දිගකින් ද යුතු වෙයි.එමෙන් ම් මොවුන් වරකට බිත්තර 3 – 11 ක් පමණ දමනු ලබයි.

නිසාචර සර්පයෙකු වන මොවුන් වාසස්ථාන ලෙස දිවා කාලයේ දී දිරා යන කොටන් ලී , ගුල් තුළ , ගස් බෙන , ගල් ගොඩවල් අතර , ලී මඩු වැනි ස්ථාන ආශ්‍රිත ව කාලය ගත කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top