BOTANICAL NAME – Cansjera rheedii Gmelin
FAMILY OPILIACEAE
පොදු සිංහල නාම ඇටමුරා, ඇට්ටමුරා *
සංස්කෘත නාමය – කාෂ්ඨ මූර්වා. (කාෂ්ඨ යනු වන (වල්) වාචක ශබ්දයෙකි. ඇට කෙහෙල්, ඇටිකුළා, කොටදිඹුලා කැට කෑල යනාදියෙහි ඇති මුල් ශබ්දය කාෂ්ඨ ශබ්දයෙන් බිඳී ආයේය. මූර්වා යන්න මුරුවා වැලට මෙන් මැ වෙනත් ගස්වැල් වලට ද සම්බන්ධ වී ඇත.
නාමගුණ
කාෂ්ඨ මූර්වා රම්‍ය දලා – ප්‍රායශඃ පරපෝෂිතා,
මාරුතග්නිස්තික්තෝ ෂ්ණා – රෙවනී භග්න සාධනි;
ස. සං.
දේශීය වෙදකමේ සඳහන් වන විශේෂ පැලෑටියකි. මෙය දේශීය කැඩුම බිඳුම් වෙදකමේ ඇට පෑස්සීම සඳහා ගන්නා ප්‍රධාන ඖෂධයක් වන හෙයින් එම තෙල්, පත්තු, මැල්ලුම් ආදී සෑම අවස්ථාවකදීම ප්‍රයෝජනයට ගැනේ. එහෙත් වන බිම් එළි කිරීම අනුව අභාවයට යොමු වී යන පැලෑටියක් සේ හැඳින් විය හැකිය. තිස් පෑ හන්දි බෙහෙතට ගන්නා ප්‍රධාන ද්‍රව්‍යයකි. පැරැන්නෝ සන්ධි වෙදකමේ හාස්කම් දැක්වූයේ මෙබඳු ඖෂධ පැලෑටි උපයෝගි කරගනිමිනි. (සති තුනෙකින් මෙහා භග්නය සන්ධාන නොවේ යනු අලුත් සිද්ධාන්තයයි) විශාල කැලෑ වල ගස් දොරුවල බෙහෙවින් හටගන්නා මෙම පැලෑටිය උඩවැඩියා වර්ගයක් ලෙසින් දේශීය ශබ්ද කෝෂය විස්තර කරයි. බිම පැලවී ලඟ තිබෙන ගස් වලට පැතිර ගනී. මඳක් තිත්ත, උෂ්ණ, වීර්ය, වාත, නාශක රේවන ද්‍රව්‍යයකි. ගැමියෝ මේ කොළ තම්බා පොලුත් සමඟ කති. සතුන්ගේ අත් පා බිඳුන කල ඒවා සන්ධි ගැන්වීම පිණිස ඇටඹරා යෙදිය යුතු යැයි පුස්කොල පොත් වල සඳහන් වේ. පශු වෛද්‍ය ග්‍රන්ථය
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
www.kobeigane.com



