අක්කරපට්ට
BOTANICAL NAME – Anacyclus pyrethrum DC.
FAMILY – COMPOSITAE
පොදු සිංහල නාමය – අක්කරපට්ට
දෙමළ නාමය – අකරකරම්, අක්‍රාපට
හිංදි නාමය – අකර්කරා
බෙංගාලි නාමය – ආකර්කර්ච්ච
ගුජරාට නාමය – අකර්කරෝ
අරාබි නාමය – අක්වාර්ක්වා
ඉංග්‍රීසි නාමය – Spanish pellitory
සංස්කෘත නාමය – අකරකරභ
වැවෙන ප්‍රදේශ – උතුරු අප්‍රිකා, අරාබිය, සිරියාව, බෙංගාලය යන රටවල වැවේ.
ව්‍යවහාර්ය අංශ – වියළා ගත් මුල්
සංරක්ෂණ විධි – මුල් හොදින් වියලා, රුද්ධ භාජනයක තැන්පත් කළ යුතුය.
ඇනකයිලස් පෙෙරෙත්‍රිම් නමැති උද්භිත විද්‍යා නාමයෙන් හදුන්වනු ලබන ගුල්ම වර්ගයේ අද්භිදයේ මුල් අක්කරපට්ට වශයෙන් ඖෂධ පිණිස යෙදේ. මෙම ගුල්මයේ පොත්ත අලුපාටට හෝ සුදුපාට වර්ණය ගනී. අතුවල දුරින් දුර ගැට හා රෝම පිහිටා ඇත. මෙහි මුලෙන් සියුම් මුල් හටගැනේ. ඒවා ප්‍රමාණයෙන් අඟල් 3-4 ක් දිග හා 1/2-3/4 පමණ මහතින් යුක්ත වේ. මුල් පිටතින් දුඹුරු වර්ණයයි. කැඩු විට ඇතුළත සුදු පාටට හුරුය. මුල්වල වීර්යය වර්ෂ හතක් පමණ පවතිනු ඇත.
මුල් සැපූ විට තිත්තයි. මදක් මිහිරි හා කටුකයි. සැපූ විට දිවට උණුසුම් පුපුරු ගැසීම් හා දැවිල්ල දනවන මුල් ඖෂධ පිණිස සුදුසු සේ සැළකේ. කොළ සැපූ විට දිවුල් කොළ වල රසය මෙන් රසයක් දැනේ. ග්‍රීෂ්ම සෘතුවේ දි අතු අග මල් හට ගනී. මල් පෙති සුදු පාට, රෝස පාට දෙකින් යුක්තයි. මෙම උද්භිදය අරාබිය විසින් 13 වන සියවසේ දී පූනානිය ඔස්සේ ඉන්දියාවට හඳුන්වා දෙනු ලැබූ උද්භිද වලින් එකක් ලෙස සැළකේ. භාව ප්‍රකාශයෙහි හරිතක්‍යාදී වර්ගයට අයත් ද්‍රව්‍යයක් ලෙස දක්වා ඇත.
රසය – කටුකයි
ගුණ – රූක්ෂ හා තීක්ෂණයි
වීර්ය – උෂ්ණයි
විපාකය – කටුකයි
දෝෂාණුරාප කර්ම
රූක්ෂ තීක්ෂණ සහ කටුක ගුණ ඇති හෙයින් මෙය කඵ ශමනය කෙරේ, උෂ්ණ ගුණ ඇති හෙයින් වාතය ශමනය කෙරේ; මේ දෙක අනුව කඵච්ඡෙදනයද කඵ සංශෝධනයද කෙරේ.
මෙය බාහිර ප්‍රයෝගයෙන් වේදනාස්ථාපකයි, ශොථහර ද කෘමි නාශකද වෙයි. පක්ෂාඝාත, ස්නායු දුර්වලතා ආදී රෝග අවස්ථා වලට බාහිර අභ්‍යාංග සඳහා යොදන තෙල් වර්ග වලට උපයෝගි වේ.
අභ්‍යන්තර වශයෙන් ශරීරයට හිතකරයි. බලකාරකයි, උත්තේජකයි, මදක් නිද්‍රාජනකයි, මුල්වල වාෂ්පශීලී තෙෙල පදාර්ථයක් හා දුඹුරු, දුම්මල, උපක්ෂාර හා ස්ථීර තෙෙල පදාර්තයක් හා පෙෙරෙත්‍රින් නම් රසායනිකයක් අඩංගු වේ. මුල් අගනා ලාලා ශ්‍රාවකයක් ලෙස සැලකේ. මේ නිසා ළදරුවන් කථා කිරීමට ප්‍රමාද වන අවස්ථාවල දී ඖෂධයක් වශයෙන් යෙදේ. එසේම මෙහි මුල් ක්වාථය දත් දිරායාම, දන්ත ශූල, ගල ශුණ්ධිකා හා ස්වර භේදයේ දී කඵ, වාතජ රෝගයන්හි උපයෝගි වේ. ඒ ඒ ව්‍යුහයන් කෙරේ ක්‍රියාකිරීමෙන් මෙස් ගුණ ප්‍රකාශ කෙරේ.
ආහාර පරිපවන ව්‍යුහයෙහි
මෙය ආමාශගත වූ විට එහි ප්‍රදාහිත තත්වයක් හා කැළඹීමක් ඇති කෙරේ. අල්පමාත්‍රාවෙන් දුන් විට අග්නි දීප්තිය ඇති කෙරේ. මේ නිසා අග්නිමාන්ද්‍ය, පිත්තක්ෂ යන අවස්ථා වලදී ප්‍රයෝග කරනු ලැබේ.
කඵ වා ශමනය කෙරෙන හෙයින් මෙය කඵජකාස, කණ්ඪ රෝග යන මේවාහි දී යෙදිය හැකි ය.
රක්ත සංවහන ව්‍යුහයෙහි
රක්ත ශෝධකයි, ශෝථ නාශකයි.
ශ්වසන ව්‍යුහයෙහි
කඵස්න කණඪ්‍ය කර්මයන් දක්වයි.
ප්‍රජනන ව්‍යුහයෙහි
මුල් වල ඇති උෂ්ණ වීර්යය හා උත්තේජක කර්මය හා අනුව මෙය වාජීකරයි. ස්ත්‍රීන් කෙරෙහි ආර්ථව වර්ධකයි. අර්දිත පක්ෂඝාත, කම්පවාක, ආමවාත, අපස්මාර යන ආදී ස්නායු ව්‍යුහගත රෝගවල දී මෙන් ම හෘදය දුබලතාවේදී ද අභ්‍යන්තර ඔෟෂධයක් වශයෙන් යෙදේ.
අක්කරපට්ට මිශ්‍ර බෙහෙත් වර්ග ළමයින්ගේ වමන, ශූල, අතිසාර, දන්තශූල නොසන්සුන්තාවය, නින්ද නොයෑම යන මේවායෙහි යෙදීම ලාභදායක ය.
ආකාරකරහශ්චෙෙවාකල්ලකොථ හ්‍යකල්ලකඃ
ආකරකරභශ්වොෂ්ණොවිර්යණ බලකෘත්කටුඃ
ප්‍රතිශ්‍යායං ච ශොථාංච වාතං චෙෙව විනාශයෙත්
මාත්‍රාව – රක්තිකා 6 (-මි.ගෑම් 750)
ආමයික ප්‍රයෝග
විද්‍රධි පිපිරීම හා පැසවීම උදෙසාත්, වේදනා ශමනයටත් අඹරා ගත් මුල් කල්කය ප්‍රලේපයට යෙදේ. එහෙත් දීර්ඝ කාලයක් ආලේප කිරීමෙන් ස්ඵොටක ඇතිවේ.
ජීරන ප්‍රතිශ්‍යාය හා පීනසට
අක්කරපට්ටා චූරණය නස්‍ය විසින් ඉරීමට යොදන්න.
මධුමේහයට
තැම්බූ ජලය බීමට දෙන්න.
ද්වජභංගයට
මෝදක වශයෙන් යෙදේ.
අඩංගු සංයෝග
I. ආකාරකරභාදි වටී – කුංකුමාදි කරභාදි වටී.
II. ආකාරකරභාදි වටී – ථිරංග රෝගයෙහි ශ්‍රෙෂ්ඨ ඖෂධයක් ලෙස සැලකේ.
III. ආකාරකරභාදි චූර්ණය.
IV. ශ්වේතකුෂ්ඨහර චූර්ණය.
V. දන්තමංජන චූර්ණය.
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි.



