BOTANICAL NAME – Ka’anchoe laciniata DC
FAMILY – CRASSULACEAE
පොදු සිංහල නම – අක්කපාන, වල්ගොවා
දෙමළ නාමය – මලකුල්ලි, මල්ලක් කල්ලි
හින්දි නාමය – පතරචුර, පබානභේද, පතර්‍චට, හිමසාගර
බෙංගාලි නාමය – පාතරකුණ්ඩි
තෙළිඟු නාමය – සිමාජාමූල
සංස්කෘත නාමය – අශ්මහිද
පර්‍යාය නාම
අශ්මහිද
ආශ්මභේද
උපලභේදක
පාෂාණ භේද
ශිලොද්භේද
ශෛලෝද්භේද
(ගල් දියකරන හෙවත් ගල් කඩන යන අර්‍ථය දෙයි)
අශ්මඝටා
පර්‍ණ බීජ, හිමසාගර, අස්ථි භක්ෂ
කුලය – පර්‍ණබිජ
ප්‍රභේද
ප්‍රභේද දෙකකි. කොළ ලොකුව, ඝනව වැඩෙන වර්‍ගය සහ කොළ පොඩි හා ඝනව නොවැඩෙන වර්‍ගය යනුවෙනි
අක්කපාන නමින් හදුන්වන පැළෑටිය අද අප රටේ බහුල වශයෙන් මුත්‍රාශ්මරි රෝගය සඳහා ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබේ. මෙම පැළෑටියේ ඇති විශේෂත්වය නම් රෝපණය වන්නේ මුල්, කද හෝ බීජ නොව පත්‍ර වීමයි. මේ නිසාම සංස්කෘත ද්‍රව්‍ය විද්‍යාඥයෝ “පර්‍ණබිජ” නමින් පර්‍යායක් ද දීමට උත්සුක වූහ. මෙමෙ පැලෑටිය බහුල වශයෙන් Calcium sulphate, Calcium oxalate and Tartarate of Pottassium යන රසායනික පදාර්‍ථ වලින් යුක්ත බව කියති.
රස – කෂාය, අම්ල
ගුණ – ලඝු, රූක්ෂ
විපාක – මධුර
වීර්ය – ශීත
ප්‍රයෝජනයට ගන්නා අංශ – පත්‍ර
මාත්‍රාව – ස්වරස තෝලා 1/4.- 1/2
ප්‍රයෝග
මෙය ප්‍රධාන වශයෙන් වාත පිත්ත ශාමක ද්‍රව්‍යයක් ලෙස ගැනේ. අභිඝාතජ ශෝතයෙහි ආලේප කරයි. බාහිර වශයෙන් රක්ත ධාරක, ව්‍රුණ ශෝධක ව්‍රුන රෝපණ, ගුණ බලාපොරොත්තුවෙන් යොදයි. තුවාල තැලුම් දෙකෙහිදීම ගැමියෝ යොදයි.
අභ්‍යන්තර වශයෙන්
රක්ත පිත්ත, මුත්‍රාශ්මරි, රක්තාර්ශස් , රක්ත ප්‍රවාහිකා, රක්ත ප්‍රදර හා මුත්‍ර ව්‍යුහ රෝග සඳහා බහුල වශයෙන් යොදන අතර, කොළ යුෂ අතීසාර, රක්තතීසාර, කොලරා හා රාජක්ෂමා(ක්ෂය රෝගය) වැනි රෝග වලදී ද යෙදී ඇත. චර්‍ම රෝග වලදී ඇතිවන කැසීමට ආලේපයක් වශයෙන් ද යොදනු ලබයි.
ඔසුතුරු විසිතුරු ග්‍රන්ථ ඇසුරෙනි



