ඉත්ත වැල්
BOTANICAL NAME – Schflera stellata (Gaertn) Baill
FAMILY – ARALIACEAE
පරිචය
වැලක් මෙන් අප්‍රාණිකත්වයක් දක්වන මේ ගස ඇතැම් ඉඩම් වල වැටේ ඉනි වශයෙන් යොදාගෙන ඇත. කැලයේ ඉත්තෑවැල් ගාල්වලට යටින් ඉත්තෑ ගෙවල් (බෙන) සාදා ගැනීමට අනුව මේ ක්ෂුපය ඉත්තෑ නමට සුදුසු වී යයි සමහරු කියති.
ගුණ
විෂ විනාශක ගුණ ඇත්තේ ය. වණ වලට හිතවත්ය.
පොල් කිරෙන් තම්බා අඹරා වණ වලට කැබීම.
බිම් උල්ලා කැවාට
ඉත්ත කොළ, තිත්ත කොළ, නාරං කොළ කොටා යුෂට තල තෙල් දමා බොන්නට දීම.
ඇහැ විරේකෙට
ඉත්තා කොළ අහුරක් තම්බා පෙරා ලොකු භාජනයකට චක්කර හත් අට වරක් මුහුණ එහි ඔබා ඇස් ඇර පියනු.
විළි වැඩි වෙන්ට
ඉත්ත කොළ කොටා යුෂ රෙදි කඩකට අඩක්කු කර බඩ පිට දමනු. සැණෙන් වදත්.
කොලරාව වැලැක්වීමට
ඉත්ත කොළ කොටා පොට්ටනි බැඳ, බීමට වතුර ගනු ලබන ළිඳට දැමීමෙන් කොළරාව බෝවීම වැලකේ.
භග්න
හන්දි තෙල් වල අඩංගුවන සංඝටකයකි.
පුරාණ වුණ
පරණ තුවාල මතැ ඉත්ත කොළ බැදීමෙන් කුණ කැපී තුවාලය සුව වේ.
යොදන ක්‍රමය
කොළ 7ක් බැඳ දිනකට වරක් යටින් ඇති කොළය ඉවත් කළ යුතු වේ.
ඉත්ත කොළ තැම්බූ වතුර ද තුවාල සේදීමට හොඳ යි.
ගණ්ඩමාල
බෙල්ලේ වායුගෙඩි වලට ඉත්තෑ කොළ 7 ක් බඳින්න.
ආශ්රිත ග්රන්ථ
වෛද්‍ය ඇම්. ඇම්. ගුණදාස, කැප්පෙටි පොළ අත්පොතශාස්ත්ර විශාරද සිසිරකුමාර ලියන ආරච්චි සම්පාදක විෂ වෛද්‍ය චින්තාමණි 3 වැනි කාණ්ඩය.
ඔසුතුරු විසිතුරු ග්රන්ථ ඇසුරෙනි
© ℗ ⓒ කොබෙයිගනේ පාරම්පරික ඔසු
තවත් මේ වගේ වටිනා දේවල් දැනගන්න අදම අපගේ වෙබ් අඩවියට සහ අපගේ යු ටියුබ් නාලිකාවට පිවිසෙන්න.
www.kobeigane.com



